Saturday, April 10, 2010

ඔබට රටට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!


නව බලාපොරොත්තු,නව සිතුවිලි සහිතව,නව නිදහස් සටනින් පසු සමරන පළමු සිංහල සහ හින්ඳු අලුත් අවුරුද්ද සමරන්න අපේ රටේ "මිනිස්සු" සුදානම් වෙනවා.මැතිවරණ කිපයකින් පසු රටතුල ස්ථාවර දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා.මේ තත්වය අපේ මව්බිම ඉදිරියට ගෙනයාම සදහා බෙහෙවින් ඉවහල්වනු ඇති.කුමනහෝ රජයක් පත් කොට,පැත්තකට වී සිටිමේ පුරුද්දෙන් මිදි.. තමන් පත්කල රජය නිවැරදි මග රැගෙන යාම සදහා සක්ක්‍රීයව දායක විමේ වගකිම මෙවර ඉටු කරමු."රජය" පත්කලේ "මිනිස්සු"...රජය නිවැරදිමග අරගෙනයාමේ වගකිම තියෙන්නෙත් ඒ මිනිස්සුන්ටමයි.රජය සහ මිනිස්සු තම වගකිම හරියට කලොත් අපේ මව්බිම දිනවන්න අපිට පුලුවන්...හැබැයි මතකතියාගන්න...මේ වැඩේ "යුද්ධයටත්" වඩා අමාරුබව!!!!! පෙනවනේ කිදෙනෙක් ඉන්නවද කියලා...පස්සට යන සහ පස්සට
අදින...අපේ මව්බිම දිනුවොත්,මේ අය තමා ඉස්සෙල්ලාම ප්‍රතිලාභ ඉල්ලන්නෙ,(යුද්දේ දිනපු ගමන් බඩුඅඩු වෙයිද,නිකන් කන්න පුලුවන්ද බැලුවේ මේ අය තමා)අපේ මව්බිම පැරදුනොත්... අපිව එල්ලන්න ඉන්නෙත් මේ අය තමා...ඒ නිසා "වගකිම ඉටු කරමු". "මිනිස්සු" මනාප දිලා පත්කරපු "සමහරු"ගැන මගෙත් මනාපයක් නෑ!!! ඒ "සමහරු"න් ගෙන් මේ රජය රැකගැනිමේ වගකිම තියෙන්නෙත් ඒ මිනිස්සුන්ටමයි.ඔබ මනාපය දුන් කෙනා වගකිම ඉටු නොකරනවානම්...ඒ අයට විරුද්ධව මුලින්ම පාරට බැසිය යුත්තේද ඔබමයි!!!