Friday, August 22, 2014

අයිස් බකට් සහ වාරියපොල කෙල්ල!!!

අයිස් බකට් සහ වාරියපොල කෙල්ල!!!


සිද්ධි දෙකක් සම්බන්ධයෙන් එක විටම අදහස් දක්වන්න පුලුවන් වෙන්නේ ඒ දෙක අතර සමාන කම් තියෙන කොටනේ.මාතෘකාව බැලුවම එහෙම නොපෙනුනත් මේ සිදුවිම් ගැන සමාජ්ය දක්වන අදහස් එකටම යනවා කියලා මට හිතෙනවා.
වාරියපොල කෙල්ල ගැන අදහස් දක්වද්දි බහුතරයක් කියනවා බඩුවක්,කට වැඩි,පොඩ්ඩක් ගැහුවනන් ඇති,කොල්ලා ෆන් එකට කියපුවා ගනන් ගත්තේ ඇයි, වගේ දේවල්... එත් බහුතරයකට අමතකයි ස්ත්‍රිය යනු සමාන සත්වයෙක් කියන එක සහ අපේ ආතල් සදහා කාන්තාව පාරට නොයෙන බව.කෙල්ල ඔනැවට වැඩිද අඩුද කියලා විනිශය කරන්න අපි කාටවත් අයිතියක් නැ.මොකද ඒ අවස්ථාවට මුහුන දුන්නේ එයා නිසා.එකේ ප්‍රමාණය තිරණය කිරිමත් එයාටම අයිති දෙයක්.මේක පොලිසියට ගියා නං තවත් නිවුස් එකක් විතරක් වෙන්න තිබුනා.ඊට කලින් ෆෙස් බුක් එකට ආපු නිසා ඩිජිටල් මිඩියා ඇසුරු කලත්.. බුරියෙන් පහල පරිණාමය නොවු වදුරන් කී දෙනෙකුට ෆේස් බුක් එකවුන්ට් තියෙනවද කියලා ලෝකයටම දැනගන්න ලැබුනා. පොඩ්ඩක් මෙතෙන්ට තමන්ගේ අම්මව,කෙල්ලව,දුවව දාලා බලමුද... දැන් කී දෙනෙක් ලැස්තිද අරුට නෙලන්න යන්න... ඒකයි වෙනස... පුලුවන් තරන් මොලයට ඇග පාලනය කරන්න දුන්නොත්...ඇගේ වෙන වෙන කැලි මොලය පාලනය කරන එක නවත්ත ගන්න පුලුවන්. ගැණුන්ගේ ෆැෂන් ගැණු ලග තිබුනාවේ.මේක බුර්කාව අදින්න නියම කරපු රටක් නෙමෙයිනේ.කකුලක් දැක්කම ඔයාට නලියනවනන් එක කකුල පෙන්නන  කෙල්ලගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔයාගේ ප්‍රශ්නයක් කියලා තෙරුම් ගන්න පුලුවන් ගානටවත් මොලේ සංවර්ධනය කර ගැනිම වැදගත්. කෙල්ලන්ට කියන්න තියෙන්නේ තැනට ගැලපෙන මොස්තර කරපල්ලා කියලා විතරයි.ඒක තෙරුම් ගන්න ඒ අයත් මොලය සංවර්ධනය කරගන්න ඕනේ.


හරි දැන් අයිස් බකට්...

මේක ලෝකෙ පුරාම යන ප්‍රවර්ධන වැඩසටහනක්නේ... මේක අදාල රෝගය මං දන්න තරමින් හදුන්වන්නේ චාලක නි‍යුරෝන ආබාධය කියලා.මේ රෝගයේ අවසන් අදියරේදි අදාල පුද්ගලයා පුර්ණ අංශභාග තත්වයකට පත් වෙනවලු.දැන් අපේ රටේ ඉන්න පිටරට මිනිස්සු නමින් අදුරන ජනප්‍රිය චරිත සදහාත් මේ අභියෝගය එල්ල වෙනවා.සමහරු මේ වන විටත් එක භාර අරගෙන.පොඩි වැරද්දකට තියෙන්නේ #‎ALSIceBucketChallenge‬

එකට ආධාර කරනව වෙනුවට ලංකාවේ වෙන ආධාර වැඩසටහන් වලට ආධාර ලබා දිමට මෙය භාවිත කිරිම. හැකිනම් ALS එකට සහ ලංකාවේ ආධාර වැඩසටහනකට යන දෙකටම සහභාගි විම මේ වැඩසටහන තවත් සාර්ථක කිරිමට හේතුවෙයි.

දැන් අදහස් වලට එමු...

පිටරට ඒවට මොකටද අපි දෙන්නේ... අපේ උන්ට දෙමු,
සුද්දන්ව කොපි කරනවා,
මේ සල්ලි වලින් ලංකාවේ උන්ට කන්න දිපල්ලා,
උඹලා චන්ද ගත්තේ අපෙන්.. අපේ උන්ට ඔය සල්ලි දිපිය,
සුද්දන්ට හැදෙන ලෙඩ වලට අපි මොකටද සල්ලි දෙන්නේ......

මේ අදහස් වලින් ටිකක්...

අපේ මිනිස්සු මෙච්චර කුහක වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැ. "පිටරට ඒවට මොකටද අපි දෙන්නේ... අපේ උන්ට දෙමු," සුනාමිය ආපු වෙලාවේ පිටරට වුන් අපේ රටට ආධාර දෙනකොට මෙහෙම හිතුවනන්....
තව එකක් බලමු...
"මේ සල්ලි වලින් ලංකාවේ උන්ට කන්න දිපල්ලා"
අපේ ගොබ්බ හැත්ත තාමත් හිතන්නේ නිකන් කන්න දෙන එක තමා ලොකුම සමාජ සත්කාරය හා හොදම දේශපාලන ක්‍රමය කියලා... නොදකින්...  ඒ නිසා තමා ලංකාවට මොන සංවර්ධන වැඩට ආධාරයක් ලැබුනත් එකෙන් කන්න දෙන්න පුලුවන්ද කියල අහන ජනතාවකුයි...ආධාර වැඩසටහන් වල නිතී රිති දන්නේ නැ වගේ ඒකම අහන ගොබ්බ දේශපාලකයොයි ඉන්නේ.

සුද්දන්ට හැදෙන ලෙඩ වලට අපි මොකටද සල්ලි දෙන්නේ......
 මේක ලොකේ පුරාම තමා නිවැරදි බෙතක් හොයා ගෙන නැති,හෙට වුනත් අපි දන්න කියන කෙනෙකුට හැදෙන්න පුලුවන් ලෙඩක්.මේ වගේ අදහස් දක්වන්න කලින් මේක මොකක්ද කියලවත් කියවලා බලන්න අපේ අයට උවමනාවක් නැ කියන එක මේ ගොන් කතාවෙනුත් පැහැදිලි වෙනවා. මොකද ලංකාවේ අය බහුතරයක් තාමත් පුවත් සිරස්තල පමණක් කියවලා පුවත තමන් කැමති විදියට මවා ගන්න ජාතියක්.

මේ සිදුවිම් දෙකෙන්ම පැහැදිලි වෙන්නේ අපි තාමත් ආනාගත ලෝකය සදහා සුදානම් නැති පිරිසක් විදියට.ඒකට තියන කණගාටුම තත්වය තමයි.. ආදි සිංහලයා මිට වඩා තමන්ගෙම තාක්ෂණයකින්,ගැඹුරු දැණුමකින් ලෝකයට ඇරුණු මනසකින් සන්නධව සිටි බව පුරාණ නටඹුන් තවමත් අපිට පෙන්වා දිමයි. අපි සමාජ පරිණාමයේ රිවස් එකට යමින් සිටිනවාද? 


මෙලාන් ඉදුනිල් කරුණාතිලක.


පොරව!!!!

උඹ..
ට්‍රොස්කිගේ,
ඔලුවට...
බැස්සේ නැත්තන්....
අපිත්,
සමාජවාදි රටක ඉදන්....
කවි ලියනවා බං....


Sunday, July 6, 2014

සුපිරි තරුව!!!!



වෙඩින් එකකට තියා....
මළ ගෙදරකටවත්,
සල්ලි දිලවත්,
සිංදුවක් කියන්න....
ගෙන්න ගන්න බැරිවෙන...
ගමේ එකා...

Sunday, January 26, 2014

රතු මල්ලි සහ පරක්කුවෙන විප්ලවය!!!!

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ...
ඡන්ද පෙට්ටියේ තියෙන්නෙම නිල්.. කොළ කතිර,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ....
බත් පැකට් එකට කසිප්පු කාලට උන් යනව පෙළපාලි,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ...
හැමෝටම සමව ලැබෙනවට වඩා.. ලොකුම කුට්ටිය කඩා ගන්න උන් කැමති,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ....
රැවුල වැවුනු "චේ"ට වඩා බුරිය පෙන නිලියටයි කැමති....


ධනවාදි ආත්මය......නොහොත්... Marketing Executive


මල මිනියක් වෙලා,
පෙට්ටියේ ඉන්න කොට....
මිනිය හිතනවලු,
මේක.....
විකුණගන්න,
පුලුවන්නන් කියලා....

දුම්වැටිය.....


ජිවිතය,
පිච්චේන ගද....
නහයට...
දැනෙන් නැති
හැටි.....