Sunday, January 26, 2014

රතු මල්ලි සහ පරක්කුවෙන විප්ලවය!!!!

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ...
ඡන්ද පෙට්ටියේ තියෙන්නෙම නිල්.. කොළ කතිර,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ....
බත් පැකට් එකට කසිප්පු කාලට උන් යනව පෙළපාලි,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ...
හැමෝටම සමව ලැබෙනවට වඩා.. ලොකුම කුට්ටිය කඩා ගන්න උන් කැමති,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ....
රැවුල වැවුනු "චේ"ට වඩා බුරිය පෙන නිලියටයි කැමති....


ධනවාදි ආත්මය......නොහොත්... Marketing Executive


මල මිනියක් වෙලා,
පෙට්ටියේ ඉන්න කොට....
මිනිය හිතනවලු,
මේක.....
විකුණගන්න,
පුලුවන්නන් කියලා....

දුම්වැටිය.....


ජිවිතය,
පිච්චේන ගද....
නහයට...
දැනෙන් නැති
හැටි.....