සීතා...
ඔයා මගේ...
හිත පැහැරගත්තා,
ඉතින්....
මම...
ඔයාව පැහැරගත්තා.
එන්න...
කලින්.....
ගත්තෙ...
බැරි කමට...
පුතේ...
බාර් එකෙන්...
ගත්…
බිදුණු ආදරය…
කිහිල්ලේ...
ගසාගත් මම…
වැනි වැනී...
ගෙදර ගියෙමි.
මම...
සසර තරම් දිග...
පෙමක් ගැන කියන විට...
නුඹ..
කෙටි මගකින්,
සසරෙන් එතෙර විය.

කවියට,
ගීතෙට,
අරකට,
මේකට,
හඳ අරගෙන...
ගෙවිලා තියෙන හෑටි!!!!!!
එච්චර....
ලොකුවට.....
බෑ,
කාමර දෙකයි....
කුස්සියයි...
ඇති නේද?
සසර...
සැරි සරන තෙක්,
ඔබ මගේ...
මා ඇගේ....
ඈ උගේ.....
ඌ ඔබේ......