Friday, August 22, 2014

පොරව!!!!

උඹ..
ට්‍රොස්කිගේ,
ඔලුවට...
බැස්සේ නැත්තන්....
අපිත්,
සමාජවාදි රටක ඉදන්....
කවි ලියනවා බං....


Sunday, July 6, 2014

සුපිරි තරුව!!!!



වෙඩින් එකකට තියා....
මළ ගෙදරකටවත්,
සල්ලි දිලවත්,
සිංදුවක් කියන්න....
ගෙන්න ගන්න බැරිවෙන...
ගමේ එකා...

Sunday, January 26, 2014

රතු මල්ලි සහ පරක්කුවෙන විප්ලවය!!!!

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ...
ඡන්ද පෙට්ටියේ තියෙන්නෙම නිල්.. කොළ කතිර,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ....
බත් පැකට් එකට කසිප්පු කාලට උන් යනව පෙළපාලි,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ...
හැමෝටම සමව ලැබෙනවට වඩා.. ලොකුම කුට්ටිය කඩා ගන්න උන් කැමති,

රතු මල්ලී හිතපු තරන් මිනිස්සු රතු නැ....
රැවුල වැවුනු "චේ"ට වඩා බුරිය පෙන නිලියටයි කැමති....


ධනවාදි ආත්මය......නොහොත්... Marketing Executive


මල මිනියක් වෙලා,
පෙට්ටියේ ඉන්න කොට....
මිනිය හිතනවලු,
මේක.....
විකුණගන්න,
පුලුවන්නන් කියලා....

දුම්වැටිය.....


ජිවිතය,
පිච්චේන ගද....
නහයට...
දැනෙන් නැති
හැටි.....

Sunday, November 24, 2013

අරගලයේ වෙනස!!!!!

ලෙනින්ගේ කාලේදි...
සටන සදහා...
පිටිය හදයි...
අපේ කාලේදි....
පිටිය සදහා සටන හදයි...

Monday, October 7, 2013

හ්ම්!!!!!!


හීන් එකා හුල්ලන්නේ... බඩගින්නේද?
නැ... ඒකා පාන් කාලක්ම කැවේ...
මිරිස් හොද්ද එක්ක කැවට කොල්ලන්ගේ බඩට දෑනෙන් නෑ බං...
හ්ම්... එත් ඔය ඒකටම නෙමෙයි.... පොල් කේක් නොදුන්නට...
මොක...පොල් කේක්...
කඩෙදි ඉල්ලුවා... පාන් ගනිද්දි... කොහෙ තියෙන සල්ලිද... මං ඈන්න එකක්...
හ්ම්...

ඩාලිං... කෝ සන්...
අන්න MC ගියා...
දැන් මිනිහා රවුම් ගහනවා වැඩියි...
අයියෝ යාලුවෝ එක්ක ගියේ...
කැවද?
මැක් එකෙන් කන්නන් කිවුවා....
හ්ම්... කෝ දුව...
කොණ්ඩේ හදන්න ගියා...
ගිය සතියෙත් ගියානේ...
ඒක හරි නැ කියන්නේ....
හ්ම්....
අපි කමු අනේ... දාන්නද චිකන්....
හ්ම්....

ලගම අයට කියලා...
යාලුවෝ ටිකකට කියමු...
කට්ටිය තරහ වෙයිද?
අනේ මන්දා....
බලන්නකෝ පිගානක ගනන්...
එන එවුන් කියක්වත් දෙයිනේ?
හ්ම්....
සාරියනන් කුලියට....
එත්... කලිසම ඔයාගේ...
කමක්නෑ යාලුවෙක්ගේ අලුත් එකක් තියෙනවා...
හ්ම්..

බලන්න මෙයා... එපා වෙනවා...
ඇයි?
පෙෂල් එක ඉවර වුනා විතරයි....
ෆිටොන් බලන්න යන්න වෙලා...
ඕකේ ඕකේ.. මං ඔයාව දාලා...
හොටෙල් එකට යන්නන්...
ගාර්ඩන් එකත් එක්ක ගන්න හදන්නේ...
ඇයි?
ෆයිවුහන්ඩ්‍රඩ් දාන්න මදිලුනේ...
හ්ම්...

ඒයි ලැස්තිද...
ඒනවෝ....මල් ගත්තද?
හරි හරි අර දුව අර ගත්තේ...
අඩිය ඉක්මං කරමු... පිං කම පටන් ගනි..
අප්පේ පරක්කු වුනාම ලොකු හාමුදුරුවෝ බණටත් කියයි ඔං...
හ්ම්...

පංසලට මේක ඇරිලා වැඩි වගේද?
ගානක් නැ...
ඔව් අනේ එදා සමදරත් ඇදන් ආවේ...
ආ උඩටම පලපු එක නේද?
ඔය බලලා තියෙන්නේ....
හ්ම්...
මේ චෙක් බුක් එක ගන්න...
ලොකු හාමුදුරුවෝ රන් වැටක් ගහන්න යන්නේ...