Sunday, March 13, 2016

කලූවර කොළඹ (කරන්ට් නෑ)

කති බොති විකති...
කලූවර මැද ලොකු ඇත්තූ..
ඇති හැකි උන්ට..
සප්පායන් හරි ගැස්සු.
දත කට මදිති අගනුන්..
කලූවර රිස්සූ...
මුවා නොවි බිස්නස්..
අයිනට ඉස්සූ..
සට පට ගාන
බඩ පනුවන් මරාගෙන..
දුප්පත් දන නිදයි..
හරහට බදාගෙන...
ගොල්පෙස් එන....
රැල්ලට විරෝගෙන..
පුක හෝදයි එකෙක්..
දැන් බිම බලාගෙන..
ටුක් ටුක් අයියා...
මල් හිනාව දමාගෙන..
සීයට දෙසීයක් ගලවයි...
කලාවට....
බැටරිය බැහැපු..
ජංගම ලග තබා ගෙන...
ඇමතිගේ අම්මා වදිනවා...
දණ නමාගෙන...
එලියට එලිය දුන්නත්..
රට වටේ අපේ..
ඕකත් අනුන්ගේ පහනකි..
හරිද පූතේ!!!!

No comments:

Post a Comment