Thursday, November 29, 2018

Sunday, January 22, 2017

කලකිරීම!!!

වස විස නැති...
ක්‍රෝටන් කොල දානයක්,
වළදලා....
විල්පත්තුවේ..
තුත්තිරි ගහකට,
පිට දිලා...
දැන් ඔයා.. බුදු වෙන්න..
රතන...
ටැක්ස් ෆී.. වාහනේ දිහා,
අනිමිසලෝචනයෙන් බලා...
රනිල් - චම්පික...
වෙළඳ දෙබෑයන්ට...
රට විකුණන්න..
බණ කියන්න..
රතන..
හාල් සීයට අරන්,
බදුද් ගෙවලා..
පණක් තිබුනොත්..
කලකිරුනේ..
ඇයි අහන්න...
අපිත් පංසල පැත්තේ...
එන්නන්...
රතන!!!!

Sunday, January 15, 2017

බූකී සික්!!!

ෆීලින් සික්.
දැම්මා බුකියේ.
ලයික් දාහයි.......
දැන් සනීපයි!!!


Tuesday, December 13, 2016

හඳ දුන්නා පෝයට...

හඳ දුන්නා පෝයට...
දැන් ප්‍රේමය...
ශුංගාරය ගැන කියන්න..
පලයන්කෝ...
සිකුරු ලගට!!!!


Sunday, March 13, 2016

කලූවර කොළඹ (කරන්ට් නෑ)

කති බොති විකති...
කලූවර මැද ලොකු ඇත්තූ..
ඇති හැකි උන්ට..
සප්පායන් හරි ගැස්සු.
දත කට මදිති අගනුන්..
කලූවර රිස්සූ...
මුවා නොවි බිස්නස්..
අයිනට ඉස්සූ..
සට පට ගාන
බඩ පනුවන් මරාගෙන..
දුප්පත් දන නිදයි..
හරහට බදාගෙන...
ගොල්පෙස් එන....
රැල්ලට විරෝගෙන..
පුක හෝදයි එකෙක්..
දැන් බිම බලාගෙන..
ටුක් ටුක් අයියා...
මල් හිනාව දමාගෙන..
සීයට දෙසීයක් ගලවයි...
කලාවට....
බැටරිය බැහැපු..
ජංගම ලග තබා ගෙන...
ඇමතිගේ අම්මා වදිනවා...
දණ නමාගෙන...
එලියට එලිය දුන්නත්..
රට වටේ අපේ..
ඕකත් අනුන්ගේ පහනකි..
හරිද පූතේ!!!!

Monday, March 7, 2016

එක්ටා සහ විජය!!!!

කූවේණි,
රෑ වැටුනා...
අපි..
දවල් වැටුනා...

චේ කෝ???


චා, 
චෝ, 
චී... 
තිබුනට.. 
චේ...නැත!!!

හින්දි පිචෑර්...

ලව්
  ගුටි
සිංදු

 ගුටි
    සිංදු
ලව්...

ලොකු ලෙඩ්ඩු!!!

නහරේ තෙල් හිර වෙන්න.. 
ඇද බාලා සැප කෑම
පපුවේ ලබ් ඩබ් සද්දේ.. 
වෙනස් වෙයි නලාවට... 
මෙරට රෝහල් මොටද, 
ඒවා දුප්පත් උන්ට... 
එලිසබෙත් නෝනාගෙන්.. 
බෙහෙත් ටික අරගන්න... 
මැති, ඇමති දුවනවා.. 
රටින් පිට රෝහලට

Sunday, December 27, 2015

බ්‍රා...


එයා ගලවලා....
විසිකලා....
මේයා ඇදගෙන,
වණකලා....


Friday, October 9, 2015

ආ.. ඔබාමා...


ආ.. ඔබාමා...
මරු ටයි එක,
කුණු ලේ පාට..
කොහෙන්ද????
ලිබියාවෙන්ද... සිරියාවෙන්ද..
කටේන් එන තෙල් පුසුඹ...
බිස්නස් සරුයි වගේ,
පෙරස්ත්‍රොයිකාව අටවලා...
වැට්ටුවා කියලා හිතුවා නේද????
අපි ආයෙත් එනවා...
ලෝකේ පුරාම උඹලා අටවපු,
ජුන්ටා ආණ්ඩු...
ISIS......
අපි ඉවර කරනවා...
අන්තිමට...
US......
එතකන්..............

Wednesday, September 16, 2015

කදුළු බිංදු දෙක...



රලු මුහුදේ වැළි පසද..
ඇළ ඉවුරේ මඩ පසද..
එක ලෙසම,
උරා ගත්...
කිරි කදුළු බිංදු දෙක...

Thursday, May 7, 2015

විල්පත්තු වෙනස!!!!


විල්පත්තු
අද පත්තු..
ගස් කති ..
කොන් කැපු යක්කු..
එක හැලියේ කන.
මැති පුත්තු..
කෑ.. ලෙස සිටී..
මනී පිට්ටු.. $$$$


Friday, May 1, 2015

වැරදි ඇට....


රතු කෙත් මත වපුරා...
ධනවාදී බිජුවට,
බලා සිටී නගින තුරු....
විප්ලවයේ දළු පැල...