මට හිතෙන හැටි!!!

Saturday, March 10, 2012


අටවක!!!!!

කවියට,
ගීතෙට,
අරකට,
මේකට,
හඳ අරගෙන...
ගෙවිලා තියෙන හෑටි!!!!!!

Tuesday, November 29, 2011

සංසාර ගමන!!!

සසර...

සැරි සරන තෙක්,

ඔබ මගේ...

මා ඇගේ....

උගේ.....

ඔබේ......

Monday, October 10, 2011

මිනිසා !!!
කිරි බි වෑඩුනත්...
ඉව..
අල්ලන්නේ...
ලේ රසටමයි....

Tuesday, November 16, 2010

තහනම් උත්තේජක!!!!
ඉබ්බාට...
පදක්කම....
අහිමි විය.....

Tuesday, November 9, 2010

පාරමිතාව!!!!!!!

කුස තණ අට මිටක් ගෙන.....
මම එන විට,
නුඹ වෙන එකෙකුගේ ගහක් යට....නිවන් ගොස් තිබුනි.

Monday, September 20, 2010

පරිගණක ගතකල ආදරයට කවියක් නොවන කවියක්!!!

ඔබව මගේ හාඩ් ඩිස්ක් එකේ
සේව් කරගත් දිනය...
මට අද වගේ මතකය,
ඉස්සර...
නුඹ වැනි...
ආදරවන්තියන් බොහෝ ගනනක්,
සේව් කරගෙන සිට.....
කාලයාගේ ඇවෑමෙන්.....
ඩිලිට් කර දැම්මෙමි.
නමුත් නුඹ....
ආදරවන්තියේ,
නුඹ මගේ....
කම්පියුටර් හද මඩලේ,
සොෆ්ට් වෙයාර් එකකි.....
නුඹෙන් තොරව මා....
ක්රිනයාත්මක නොවන තරම්ය.
සුන්දරියේ,
නුඹ මගේ....
ඩෙක්ස්ටොප් එක මත....
නිතර ඇදෙන....
සිතුවමයි......
ප්රිවයාවියේ,
නුඹ ගැන නැගෙන සිතුවිලි....
වෙබ් පිටුවක් පුරා,
කුරුටු ගැමට මට සිතෙයි.
සෙනෙහෙවන්තියේ,
කිසිම වෛරසයක්....
නුඹ ගැන මතකය.....
මකා දැමිමට තරම්.....
බලවත් නොවේ.
ඉතින් ලබැදියේ....
අපගේ ප්‍රාර්තනාවන් මත.....
මම නිතර ඩබල් ක්ලික් කරමි....
එම පැතුම්.....
වින්ඩොවක් වී....
විවෘත වනදා....
මම නුඹ මගේම....
හාඩ් වෙයාරයක් කර ගනිමි.
මම....
නුඹෙ ආදර......
ඩොට් කොම්.

Friday, July 9, 2010

බැන් කි මුන් සහ මුට්ටිය!!!


ඉස්සර කාලේ හොරු ගෙවල් කඩන කොට මුලින්ම බිත්තිය බිදලා, ලියක් අග මුට්ටියක් රදවලා,ඇතුලට දාල බලනවලු, ගෙදර අය නැගිටලද බලන්න.බැන් කි මුන් මහත්තයත් "මුට්ටියක්" දාල බැලුව "ති‍්‍රපුද්ගල කමිටුව" කියලා.ඇත්තටම මේ කමිටුවෙන් ලංකාවට කරන්න පුලුවන් දෙයක් නෑ. මේ කමිටුව "කියන විදියටම" බැන් කි මුන් වැඩ කරන්න ඕනෙ කියලා සදහන් වෙලා නෑ.ඒ නිසා මේ කමිටුව බලයක් තියෙන කමිටුවක් නෙමෙයි.

බැන් කි මුන් "ති‍්‍රපුද්ගල කමිටුව" කියන "මුට්ටිය" දාල බැලුවෙ,කවුරුත් මේකට විරුද්ධ නැත්තන්,"යුධ අපරාධ පිළිබඳ කමිටුව" ලංකාවට රිංගවන්න. ඒ නිසා "ති‍්‍රපුද්ගල කමිටුව" කියන්නේ "යුධ අපරාධ පිළිබඳ කමිටුව" හදන්න ඉඩහදාගන්න දාපු "මුට්ටියක්".

ලංකාවේ සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන මේ "මුට්ටිය" සහ ඒක දාපු "බැන් කි මුන්ව" හරියටම අඳුරගෙන සිවිල් සමාඡයට හෙලිකරලා තියෙනවා. ඒත් ලංකාවට තියෙන තර්ජනය තවම අවසන් නෑ. රජයේ අමාත්‍යවරයේකුවන "විමල් වීරවංශ" මහතා ති‍්‍රපුද්ගල කමිටුව වහාම අවලංගු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට බල කරමින්,උපවාසයක් පවා අරඹලා. ඒත් "බැන් කි මුන්" ප‍්‍රතිචාර දක්වන්නේ "කොටි ඒජන්තයින්ට" සහ සමහර "බටහිර" රටවලට උවමනා විදියට පමණයි.

මේ "ති‍්‍රපුද්ගල කමිටුවට" විරුද්ධ සටන දකිනකොට තියේන අඩුවක් තමයි,ඉස්සර සුද්දෙක් රවලා බැලුවත් "සටනට" එන ලංකාවේ සමහර සිවිල් සංවිධාන සහ දේශපාලන සංවිධාන, පැත්ත පලාතකවත් නැතිකම.ඒ අය තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරලද,නැත්තන් "බැන් කි මුන්" මහත්තයතයගේ උදවුවෙන් හරි, තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්නා තැන දක්වා පිරිහිලාද කියලා හොයලබලන්න වටිනවා.

මේ "ති‍්‍රපුද්ගල කමිටුවට" විරුද්ධ සටනට අපිත් පුලුවන් ප්‍රමාණයෙන් දායකත්වය දක්වමු.ඒක social networking sites වල,news sites වල "comment" දාන තැන ඉදලා,"ති‍්‍රපුද්ගල කමිටුවට" විරුද්ධව කරන "විරෝධතා රැලියකට" සහභාගිවිම දක්වා ඔබට හැකි පමණින් කල හැකියි.මේ වැඩේදිත් අපි එකතු වෙමු හරියට යුද්දෙදි එකතු වුණා වගේ.

මගේ මව්බිම දිනේවා!!!