Tuesday, March 16, 2010

මගේ කවි!!!!

මෙත් බෝසත්ට පසු!!!

පෙරුම් පුරලා....
ඉවරයි,
එත්....
ගහක් නැ...
පිටදෙන්න.
......................................

බොන....පාට්...?

බාර් එකෙන්...
ගත්…
බිදුණු ආදරය…
කිහිල්ලේ...
ගසාගත් මම…
වැනි වැනී...
ගෙදර ගියෙමි.
.....................................

ගබ්සාව!!!

එන්න...
කලින්.....
ගත්තෙ...
බැරි කමට...
පුතේ...
....................................

ටඡ්මහලක්!!!!!

එච්චර....
ලොකුවට.....
බෑ,
කාමර දෙකයි....
කුස්සියයි...
ඇති නේද?
....................................

නිව්ටන්ගේ තුන්වන නියමය සහ රාවණා!!!

සීතා...

ඔයා මගේ...

හිත පැහැරගත්තා,

ඉතින්....

මම...

ඔයාව පැහැරගත්තා.

..............................

පවුල් කෑම!!!

ඔහු,
කා....බි
නින්දට...
වන් කල,
ඇය....
දං කුඩ..
සුරනු...ඇසිනි.

...........................

Tuesday, March 9, 2010

මාර රස්නෙයි!!!!


මේ දවස්වල මාර රස්නෙයි.පැය 24ම A.C වල ඉන්න අයනන් මේගැන දන්නෙනැතුව ඇති.කොහොමවුනත් රස්නෙ දවස්වල busඒකේ යනවා කියන්නේ එපාවෙන වැඩක්.මම මේ කියන්න හදන දේ ඔබත් දැකලා ඇති.කරලත් ඇති.busඒකේ සෙනග පිරිල දාඩ්ය දාගෙන හිටගෙන යද්දි,විදුරුව ලග ඉන්න අය ඒක වහගෙනයනවා කොන්ඩේ අවුල් වෙයි කියලා.ගැහැණු අය තමා වැඩ්පුරම මේක කරන්නේ.අනේ!හිටගෙන යන අය ගැනත් පොඩ්ඩක් හිතන්න...කොන්ඩේ office ඒකට ගිහින් හදාගමු.

Monday, March 8, 2010

ඡන්දෙ !!!!!!!!!!!

ඡන්දෙ ලග නිසා මට ඡන්දෙ ගැන හිතෙන හැටි ලියන්න හිතුනා... අවුරුදු 18 වෙනකොට ඡන්දෙඅයිතිය ලැබුනට,මෙක මොකක්ද කියලවත් දන්නෙ නැතුව පලවෙනි ඡන්දෙදාන කීදෙනෙක් ඉන්නවද? තාත්තගෙ පක්ෂෙටම පුතත් ඡන්දෙ දාන්නෙ, රටට තමන්ගෙ ඡන්දෙ කොයිතරන් වැදගද්ද කියලවත් දන්නෙ නැතුව.අඞුතරමෙ O/L වලටවත් ඡන්දෙ කියන්නෙ මොනවගේ දෙයක්ද,ඡන්දෙ පාවිචිචී කිරිමෙ වගකිම කියලදුන්නොත් හොදයි.එහෙම වුනොත් ඊලග පරම්පරාවවත් රටගැන හිතල ඡන්දෙ දාන,තමන්ගෙ පුද්ගලික අරමුනුවලට,රට ඇතුලෙ රැලිහදන පක්ෂ දෙශපාලනයට අහුනොවෙන මිනිස්සු වෙයි!!!