Sunday, January 22, 2017

කලකිරීම!!!

වස විස නැති...
ක්‍රෝටන් කොල දානයක්,
වළදලා....
විල්පත්තුවේ..
තුත්තිරි ගහකට,
පිට දිලා...
දැන් ඔයා.. බුදු වෙන්න..
රතන...
ටැක්ස් ෆී.. වාහනේ දිහා,
අනිමිසලෝචනයෙන් බලා...
රනිල් - චම්පික...
වෙළඳ දෙබෑයන්ට...
රට විකුණන්න..
බණ කියන්න..
රතන..
හාල් සීයට අරන්,
බදුද් ගෙවලා..
පණක් තිබුනොත්..
කලකිරුනේ..
ඇයි අහන්න...
අපිත් පංසල පැත්තේ...
එන්නන්...
රතන!!!!

No comments:

Post a Comment