Monday, September 20, 2010

පරිගණක ගතකල ආදරයට කවියක් නොවන කවියක්!!!



ඔබව මගේ හාඩ් ඩිස්ක් එකේ
සේව් කරගත් දිනය...
මට අද වගේ මතකය,
ඉස්සර...
නුඹ වැනි...
ආදරවන්තියන් බොහෝ ගනනක්,
සේව් කරගෙන සිට.....
කාලයාගේ ඇවෑමෙන්.....
ඩිලිට් කර දැම්මෙමි.
නමුත් නුඹ....
ආදරවන්තියේ,
නුඹ මගේ....
කම්පියුටර් හද මඩලේ,
සොෆ්ට් වෙයාර් එකකි.....
නුඹෙන් තොරව මා....
ක්රිනයාත්මක නොවන තරම්ය.
සුන්දරියේ,
නුඹ මගේ....
ඩෙක්ස්ටොප් එක මත....
නිතර ඇදෙන....
සිතුවමයි......
ප්රිවයාවියේ,
නුඹ ගැන නැගෙන සිතුවිලි....
වෙබ් පිටුවක් පුරා,
කුරුටු ගැමට මට සිතෙයි.
සෙනෙහෙවන්තියේ,
කිසිම වෛරසයක්....
නුඹ ගැන මතකය.....
මකා දැමිමට තරම්.....
බලවත් නොවේ.
ඉතින් ලබැදියේ....
අපගේ ප්‍රාර්තනාවන් මත.....
මම නිතර ඩබල් ක්ලික් කරමි....
එම පැතුම්.....
වින්ඩොවක් වී....
විවෘත වනදා....
මම නුඹ මගේම....
හාඩ් වෙයාරයක් කර ගනිමි.
මම....
නුඹෙ ආදර......
ඩොට් කොම්.

No comments:

Post a Comment